මුළු රටම ආබාදිත තත්වෙට පත්වෙලා..?

Sri Lanka Politician Omalpe Sobitha Thero
By Sithumi Dec 03, 2022 02:04 PM GMT
Report

ලෝක ආබාධිත දිනය නිමිත්තෙන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕම්ල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රදානත්වයෙන් ආභාධිත දරුවන් සහභාගී කරවා ගනිමින් වැඩසටහනක් අද 03 දා ඇඹිලිපිටියේදී පැවැත්වුණා.

මෙහිදී ලෝක ආබාධිත දිනයේදී ආබාධිත දරුවන්ගේ විශේෂාංග රැසක් පැවැත්වුණු අතර ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මාද්‍ය වෙත අදහස් දැක්වූවා. ඒ අනුව කියා සිටියේ, මේ වන විට මුලු ලංකාවම ආබාධිත තත්වයට පත්ව ඇති බවත් ඒ වෙනුවෙන් දරුවන්ගෙන් සමාව ඉල්ලන බවයි.

සියලු දේශපාලඥයින් සහ රාජ්‍ය නිළධාරීන් මේ  රට ආබාධිත තත්වයට වගකිව යුතු බවද උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.