ළිඳට ගොස් එද්දී සා.පෙළ සිසුවියට පාපතරයෙකු කල මහපොළොව නුහුළන අපරාධය - විභාගයත් මගහැරිලා

By Sithumi Jun 08, 2023 03:08 PM GMT
Report

නිට්ටඹුව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන පෙරේදා (05) රාත්‍රී 11ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරිම හේතුවෙන් ඇය රෝහල්ගත කර ඇති අතර, ඇයට මේ නිසා ඊයේ (6) පැවති සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටිමට නොහැකි වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසනවා.  

ඇඟපත සෝදාගත් සිසුවිය තුවායක් ඇඳගෙන නිවෙසට පැමිණෙමින් සිටියදී කළුවරේ සැඟවී සිටි පුද්ගලයකු එක්වරම ඇය බදාගෙන, ඇඳ සිටි තුවාය ගලවා දමා බිම පෙරළාගෙන ඇයට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි ද එම අවස්ථාවේ සිසුවිය කෑ ගසා ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගෙන තිබෙනවා.  

දියණියගේ කෑ ගැසීම ඇසී මව පැමිණීමත් සමගම සැකකරු සිසුවිය අතහැර දමා පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසුවා.   මව සහ දියණිය සැකකරු හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති අතරනිට්ටඹුව මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු අත්අඩංගුවට ගැනීමට  පරීක්ෂණ පවත්වනවා.