15 හැවිරිදි දැරියක්ව මුදලට අලෙවි කළ භයානක පුවත

CID - Sri Lanka Police Sri Lanka Police
By Sithumi Jan 26, 2023 05:07 PM GMT
Report

15 හැවිරිදි දැරියක් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කිරීමේ සිද්ධියක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. 

 ඒ, සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ දැරියගේ පහස ලැබූ බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලීසිය පවසා තිබෙනවා. 

  අත්අඩංගුවට පත්වූවන් අතර අවුරුදු 84ක් වයසැති ලියවන පට්ටල්කරුවෙකු ද සිටින බව සඳහන් වන අතර පානදුර, කෙසෙල්වත්ත සහ ගොරකාන ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.  

එම දැරියව මුදලට ලබාගත් තවත් පුද්ගලයින් සොයා පොලිස් පරීක්ෂණ සිදු කර තිබෙනවා බාල වයස්කාර දැරියක් වැඩිහිටි පුද්ගලයින්ට මුදලට අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් දැරියව ඉන් මුදාගෙන රෝහල්ගත කර තිබේ. පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක විසින් දැරියගේ මවද රවටා ඇයටද මුදල් ලබාදී දැරියව ලිංගික කටයුතු සඳහා වැඩිහිටි පුද්ගලයින්ට අලෙවිකර ඇති බවයි.  

සැකකාර ව්‍යාපාරික කාන්තාව ප්‍රදේශයේ හැරහොස් සිටින බවත් ඇය සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 42, 45, 54 සහ 84 හැවිරිදි සැකකරුවන් වනවා.