‍රටම කැළඹෙයි..රට පුරා ඝාතන රැසක්..අද දිනය තුළ මරණ ගණනාවක්..අනියම් සම්බන්දයකුත් මුල් වෙයි.. (VIDEO)

CID - Sri Lanka Police Sri Lanka Crime Branch Criminal Investigation Department
By Sithumi Jun 16, 2023 05:09 PM GMT
Report

මතුගම පැලවත්ත නගර මධ්‍යයේදී අද (16) රාත්‍රියේ පුද්ගලයෙකුව කපාකොටා ඝාතනය කර ඇති බව මීගහතැන්න පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පැලවත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පිටිගල කංකානම්ගේ සමන් නමැති  35 හැවිරිදි පුද්ගලයෙක් වනවා.

සිද්ධියට සම්බන්ධ ඝාතකයා මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් මීගහතැන්න පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර කෑගල්ල දිවෙල ප්‍රදේශයේදි වෙළදසල් හිමියකු තවත් පුද්ගලයෙකු තම නිවස ආසන්නයේදි ඊයේ බොලොග් ගලකින් සිදු කළ පහරදීමකින් එම පුද්ගලයා මරණයට පත්ව තිබෙනවා.

කෑගල්ල දිවෙල ප්‍රදේශයේ වෙළදසැලකට බීමතින් පැමිණි පුද්ගලයෙකු පරුෂ වචනයෙන් බැන වැදීම හේතුවෙන් එසේ නොකරන ලෙස වෙළද සැල් හිමියා ප්‍රකාශ කිරීමත් සමග වෙළදසැලට සහ අසල තිබූ යතුරු පැදි වලට හානි කිරීමෙන් අනතුරුව නිවසටද ගොස් නිවැසියන්ට මරණ තර්ජන සිදු කිරීමෙන් අනතුරුවයි.

පහර දුන් පුද්ගලයා කෑගල්ල මූලස්ථාන පොලීසිය විසින් අතඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මැදුරිගිරිය මිරිස් හේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු මවක් ඊයේ රාත්‍රියේ ඇයගේ අනියම් පෙම්වතා විසින් නිවස පිටුපසදි වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඝාතනය සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අනියම් සම්බන්දය නැවැත්වීම නිසා මෙම ඝාතනය සිදු කර ඇති බව දියණිය ප්‍රකාශ කළා.


දර්ශන - අද දෙරණ