උද්දමනය තවදුරටත් පහල යයි..

Sri Lanka Inflation
By Sithumi Apr 21, 2023 12:31 PM GMT
Report

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 

 53.6% ක් පසුගිය පෙබරවාරී මාසයේ උද්ධමනය දැක්වුණේ. 

 පෙබරවාරි මාසයේදී 49%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී 42.3%ක් දක්වා අඩුවී තිබෙනවා. 

 ආහාර නොවන කාණ්ඩයේ පෙබරවාරි මාසයේ 57.4% ක් ලෙස පැවති උද්ධමනය මාර්තු මාසයේදී 54.9% ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.