ඉන්දියාවෙන් මෙරටට සරණාගතයන්.. පුරවැසිභාවයත් හිමිවෙයි?

By Sithumi Oct 29, 2022 01:22 PM GMT
Report

උතුරු පලාතේ පදිංචිව සිටින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික සරනාගත පවුල් 7000කට අයත් පුද්ගලයන්12500ක් වෙනුවෙන් විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සැලසුම් කර ඇති බව වාර්ථා වී තිබේ.

 මෙම ජංගම සේවාවේදී මෙරට පුරවැසිභාවය ලබාගැනීම ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාගැනීමට හැකියාව තිබෙන බව අධිකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

  මෙම ජංගම සේවාව ලබන සඳුදා දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සහ එළඹෙන පළමු වෙනිදා කිලිනොච්චිය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.