IMF සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ගමන් කරමින් තිබෙනවා – ශෙහාන් සේමසිංහ

IMF Sri Lanka Ministry of Finance Sri Lanka Financial crisis
By Sithumi දින 1 කට පෙර

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඍජුවම සම්බන්ධ වෙමින් එහි සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයකටම අවතීරණ වූ බව මුදල් රාජය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

IMF වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් අද (19) අනුරාධපුරයේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. ඒ අනුව, මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කළ සියළුම සාකච්ඡා සාර්ථක අවසානයක් කරා ගමන් කරමින් පවතින බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

පුරා මාස 05කට අධික කාලයක් ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙන්ම මහජනතාවත් මෙම වැඩසටහනට සහාය ලබා දෙමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 04ක් තුළ ලැබීමට නියමිතයි