ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීන් කරන්න යන අලුත්ම වැඩේ මෙන්න..

Srilanka poltics
By Sithumi Apr 11, 2022 02:46 PM GMT
Report

ඉදිරියේදී පිහිටුවීමට බලාපොරොත්තු වන අන්තර්වාර පාලනයක් තුළින් විසිවන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට විසි එක්වන සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බව ස්වාධීන වූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ 19 වන සංශෝධනයේ ඇතැම් කරුණු වෙනසකට ලක් කරමින් 21 වන සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බවයි. පවතින තත්වයට හොඳම විසඳුම අන්තර්වාර පාලනයක් බව එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟද ඒ පිළිබඳ ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now