කෝටි 2 227 ක් මහ බැංකුව අච්චු ගහයි..

srilanka Economics
By Sithumi Mar 15, 2022 03:11 PM GMT
Report

ඊයේ (14) දිනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ලෙසින් සටහන්ව තිබුණා. කෙසේ වෙතත් මෙම ප්‍රමාණය පසුගිය සිකුරාදා (මාර්තු 11) සටහන්ව තිබුණේ රු. බිලියන 1,521.69 ක් ලෙසයි.

මේ අනුව ඊයේ (14) දිනය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 22.27 කින් වැඩි වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. රු. බිලියන 22.27 ක් යනු රු. කෝටි 2,227 ක ප්‍රමාණයක්. මෙයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 22.27 ක හෙවත් රු. කෝටි 2,227 ක නව මුදල් ප්‍රමාණයක් රටට මුදාහැර ඇති බවයි.

මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීම සඳහා “මුදල් අච්චු ගැසීම“ යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ මුදල් සංචිත ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 

Join now