ගින්නක් කළ අපරාදය.. 6කට ජීවිත අහිමි වූ ගින්න

World
By Sithumi May 22, 2023 02:27 PM GMT
Report

අබුඩාබි හි නිවසක හටගත් ගින්නකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. 

 විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට Muazzaz ප්‍රදේශයේ නිවසක ගින්න හටගෙන ඇති බවයි. ගින්නෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවනවා.

මෙම ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයින් වෙනුවෙන් එරට බලධාරීන් ශෝකය පළ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.