අපොස සාපෙළ විභාගය සම්බන්ධයෙන් පණිවිඩයක්

By Sithumi Dec 08, 2022 05:28 PM GMT
Report

  2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අද සිට අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එහි අවසන් දිනය වන්නේ ලබන 20 වනදායි. 

 මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවනු ලබන අතර www.donets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට හැකියාව තිබේ.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතව තිබේ