ඉදිරියේදි විශේෂ මැතිවරණක් ගැන ගත් විශේෂ තීරණය.

By Sithumi Dec 08, 2022 05:51 PM GMT
Report

 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය මෙම මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

 පලාත් පාලන ඡන්ද විමසීම් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව එලෙස දින නියම කිරීම සිදුකරන බවයි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා පැවසුවේ. කොළඹ මැතිවරණ කොට්ඨාශය සඳහා තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රී සංඛ්‍යාව 19 ද ගම්පහ මැතිවරණ කොට්ඨාශයට මන්ත්‍රීවරුන් 18 ක් ශ කුරුණෑගල මැතිවරණ කොට්ඨාශයට මන්ත්‍රීවරුන් 15 ක්ද තෝරාපත් කර ගැනීමට නියමිත තිබේ. 

මේ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා. මහනුවර මැතිවරණ කොට්ඨාසයට මන්ත්‍රීවරුන් 12 ක්ද රත්නපුර මැතිවරණ කොට්ඨාසය සදහා මන්ත්‍රීවරුන් 11 සහ කළුතර මැතිවරණ කොට්ඨාසයට මන්ත්‍රීවරුන් 10 ක් තෝරා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.