ශ්‍රී ලංකා ඉදිරි මැතිවරණ සදහා තවත් වෙනසක් වෙයි..

By Sithumi Dec 02, 2022 01:56 PM GMT
Report

නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇති බව සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසනවා. 

 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව වැඩිදුරටත් සදහන්. 

එහිපසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ය්ජිබේ.