ආර්ථිකය සුබයි.. අපේ රට ගැන ඇහෙන සුබ පුවත...

Tourism Economy of Sri Lanka World Economic Crisis
By Sithumini Jul 25, 2024 01:05 PM GMT
Report

මෙරට තුළ විදේශ විනිමය ඉහළ නංවන වැදගත්ම අංශ වන්නේ සංචාරක කර්මාන්තය හා ඇගලුම් ක්ශේත්‍රය සහ විදේශ සේවා.

මේ අතරින් සංචාරක කර්මාන්තයට හිමිවන්නේ ඉතාම ඉහළ ස්ථානයක්. එවැනි පසුබිමක ගතවූ සති 03 තුළ සංචාරකයින් 120,000කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

මේ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙනවා. ඒ අනුව එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති  සංචාරකයින් සංඛ්‍යාව 127,925ක් වන අතර ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 30,442ක් වනවා.

ඊට අමතරව බ්‍රිතාන්‍ය, චීන, ජර්මනි, නෙදර්ලන්තය වැනි රටවලින් ද සංචාරකයින් දිවයිනට පැමිණ තිබෙනවා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය තුළ ශ්‍රී ලංකාවට ඉතා විශාල වශයෙන් ආර්ථික වශයෙන් වාසි අත්කර ගැනීමේ හැකියාව පවතිනවා.