මේ ඇමතිවරුත් බැහැලම කරනවා.."වත්මන් ආණ්ඩුව ගැන රේගු නිලධාරීන් කියන කතාව..
Sri Lanka Navy
Sri Lanka Customs
Srilanka Bus
Export
By Sithumini
මේ වන විට ආනයනික බහාලුම් තදබදය හේතුවෙන් රේගු නිලධාරීන් මෙන්ම බොහෝ පිරිසක් පීඩාවට පත්වෙලා ඉන්නවා.
එමෙන්ම මේ වන විට මේ නිසාම රටට දැවැන්ත ආර්ථික පාඩුවක්ද සිදුවන්නේ මෙරටට පැමිණෙන නැව් විශාල ප්‍රමාණයක් නැවත හැරීයාම හේතුවෙන්.
ඒ අනුව මේ වන විට උඩුදුවා ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවටයාද නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා.
විෂය භාර අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් පසුගියදා එම ස්ථානයේදි කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනපතිවරයා කියූ ආකාරයෙන් නිලධාරීන් ක්‍රියාකරන ආකාරයක් නොපෙනෙන බවයි.
කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ආනයනය කරන සමාගම් ප්‍රකාශ කරන්නේ මෙම ආණ්ඩුව අන් කිසිදු ආණ්ඩුවක් නොකළ ආකාරයෙන් ප්‍රායෝගිකම ක්‍රියා කරන බවයි.
කෙසේ වෙතත් මීට විසදුම් නොලැබෙන්නේ කිසියම් හස්තයක් ක්‍රියාත්මක වන නිසා බවද ඔහු සදහන් කළා.