තියුණූ ආයුධ වලින් පහරදි තවත් පුද්ගල ඝාතනයක්..

By Sithumi Nov 28, 2022 04:51 PM GMT
Report

මට්ටක්කුලිය, මැද පාර ප්‍රදේශයේ මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇත. 

වයස අවුරුදු 38ක පිරිමි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය අප කළ වීමසීමකදි සදගන් කළේ. 

 ඔහු මෝටර් රථයකින් බැසීමේ දී පිටුපසින් තවත් මෝටර් රථයක පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. 

 බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තවමත් අනාවරණය වී නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.