නිදාගෙන සිටි පුද්ගලයෙකු මන්නයකින් පහරදි මරා දැමූ සිද්දිය

Crime Branch Criminal Investigation Department
By Sithumi Feb 07, 2023 01:12 PM GMT
Report

නිවසක් තුළට කඩාවැදුණු නාඳුනන පුද්ගලයෙක් එහි කාමරයක් තුළ නිදා සිටි තරුණයෙකුගේ ගෙලට මන්නයකින් පහරදී පළාගොස් තිබෙනවා.

කළුතර පලාතොට පාර තේක්කවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තුළදී අද (07) දහවල් 2.20ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ.

සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ 27 හැවිරිදි තරුණයාව රෝහල්ගත කිරීමට රැගෙන යන අතරතුරදී මියගොස් තිබෙන අතර මියගොස් ඇත්තේ අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන ත්‍රීරෝද රථ රියදුරෙක්.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කළුතර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.