තම නැගණියට පහරදුන් සැමියාට කතුරෙන් ඇන්න සහෝදරයාගේ පුවත

By Sithumi Nov 27, 2022 11:07 AM GMT
Report

පානදුර මූලික රෝහලට කඩාවැදුණු පුද්ගලයකු එහි තිබූ කතුරකින් සිය මස්සිනාට ඇන බරපතළ තුවාල සිදුකර පළාගොස් ති‌බෙනවා. පානදුර දකුණ පොලීසිය පවසන්නේ අදාළ සැකකරු විසින් මස්සිනාගේ ශරීරයේ සිව්පොළකට කතුරෙන් ඇන තුවාල සිදුකර ඇති බවයි.

නැගණියට ඇගේ ස්වාමියා විසින් පහරදී රෝහල්ගත කර තිබු අතර මේ හේතුවෙන් ඇගේ අයියා විසින් අදාළ ප්‍රහාරය එල්ල කර තිබෙනවා පින්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් අතර  25 දා පස්වරුවේ ආරවුලක් සිදුව ඇති අතර එහිදී පහරදීමකින් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පානදුර මූලික රෝහල වෙත රැගෙන විත් තිබුණා.

පසුව මද වේලාවකින් පහරදීම සිදුකළ ස්වාමිපුරුෂයා රෝහල වෙත පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනා රෝහලේ මූලික ප්‍රතිකාර අංශයේ සිටියදී, ආරවුල පිළිබඳ දැනගත් කාන්තාවගේ වැඩිමහල් සොහොයුරෙකු රෝහලට පැමිණ සිය නැගණියට මස්සිනා පහරදීමෙන් සිදුවී තිබූ තුවාල දැකීමෙන් උරණවූ එම පුද්ගලයා රෝහලේ තිබූ කතුරක් ගෙන මස්සිනාගේ උදරයට සහ පිට ප්‍රදේශයට පහරදී තිබේ. 

පොලීසිය පැවසුවේ පැවති ආරවුල රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ මැදිහත්ව ගැටුම පාලනය කර ඇති බවයි.

උදරය සහ පිට ප්‍රදේශයේ ස්ථාන හතරකට එල්ලවූ තුවාල සහිතව ඇදවැටුන තරුණයා නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පහරදීම සිදුකළ පුද්ගලයා පළාගිය බවත් රෝහල් ප්‍රකාශයකයෙක් පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.