කුඩෙන් වහගෙන සේපූවක් කොල්ල කයි.. සීසීටීවි වීඩියෝ සහිතයි.. (VIDEO)

Sri Lanka Police Crime
By Sithumi Nov 05, 2022 02:35 PM GMT
Report

කුඩය කින් මුහුණු ආවරණය කරගෙන අවිස්සාවේල්ල මාරබේ ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ සොරුන් රන් ආභරණ මුදල් අඩංගු සේප්පුව රැගෙන ගොස් තිබ්නවා. 

 අවිස්සාවේල්ල පොලිසිය පැවසුවේ අවිස්සාවේල්ල මාරඹේ සමුපකාර ග්‍රාමීය බැංකුවට ඇතුළු වූ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 50 ආසන්න වටිනා රන් ආභරණ සහ මුදල් අඩංගු සේප්පුවක් රැගෙන ගොස් ඇති බවයි.

එම සේප්පුව තුළ රුපියල් පන්ලක්ෂ 9015 ක මුදලක් ලක්ෂ 40 අධික රන් භාණ්ඩ මෙන්ම තවත් උපකරණ තිබී ඇති අතර පෙරේදා අළුයම 2.15 ට පමණ වෑන් රථයකින් පැමිණ තිබූ තිදෙනෙකුගෙන් යුත් සොර කල්ලිය ඉදිරිපස යකඩ දොරේ මැද ලොක් එක සහ දෙපසට දමා තිබූ ඉබි යතුරු කඩාබැංකුව තුළට ඇතුළු වී ඇතැයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබිණි අනතුරුව බැංකුව තුළ සහ ඉන් පිටත තිබූ සිසිටිවි කැමරා පද්ධතියේ කැමරා වලට පොල්ලකින් ගසා අලාබ හානි කරන අයුරු සීසීටීවී කැමරාවල සටහන්ව ඇත. 

  සොරුන් විසින් රැගෙන ගිය සේප්පුව බිම දිගේ ඇදගෙන ඉදිරිපස දොර අසලට රැගෙන ගොස් ඔවුන් පැමිණි වෑන් රථය පටවා ඇති බව බැංකු අභ්‍යන්තරයේ බිම පරික්ෂා කිරීමේදී පැහැදිලි වන බව පොලිස් නිලධාරියා පැවසුවා. සොරකම සඳහා පැමිණි පුද්ගලයන් තොප්පි සහ මුව ආවරණ පැළඳ සිට ඇතැයිද පොලිසිය සඳහන් කරයි පැමිණි පුද්ගලයන් බැංකුව තුළ විනාඩි 40 ක පමණ කාලයක් රැඳී සිටින අතර ඔවුන්ගේ සියලුම ක්‍රියාකාරකම් සීසීටීවී කැමරා පද්ධතියේ සටහන්ව තිබේ.

මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් 0718591425 , 03622222380 හෝ 071859 3754 දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස අවිස්සාවේල්ල පොලිසිය ඉල්ලා සිටියි

අවිස්සාවේල්ල පොලිසිය මේ පිලිබද පරීක්ෂණ පවත්වන අතර එම සීසීටීවී කැමරා දර්ශන පහතින්