මෙන්න ඔබේ අතමිට සරුවෙන තවත් සුබ ආරංචියක්..

Government Employee Srilanka Bus
By Sithumini Jun 28, 2024 11:23 AM GMT
Report

අස්වැසුම ප්‍රතිලාභ මේ වන විට අදයර කීපයක් යටතේ ක්‍රියාත්මකයි. ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික හා අවදානමට ලක්වූ කාණ්ඩවලට අයත් ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීම සඳහා රුපියල් බිලියන 11.6ක මුදලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා.

සමස්ත ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත ඊයේ (27) දිනයේ එම මුදල් මුදාහැරි බව සඳහන් වනවා මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස අවධානමට ලක්වූ කාණ්ඩයේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ට රුපියල් 5,000 බැගින් 2023 ජූලි මස සිට 2024. 03. 31 දක්වාත්, සංක්‍රාන්ති කාණ්ඩය යටතේ සුදුසුකම් ලාභීන්ට රුපියල් 2,500 බැගින් 2023 ජූලි මස 2023. 12. 31 දක්වාත් ගෙවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන යටතේ සංක්‍රාන්තික කාණ්ඩයේ සහ අවධානමට ලක්වූ කාණ්ඩයේ ප්‍රතිලාභීන්ට විශේෂ දීමනා ගෙවීමේ කාලය මේ වසරේ දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලෙසටයි.

ඒ යටතේ 2024 ජුනි මාසය සඳහා සංක්‍රාන්තික සහ අවධානමට ලක්වූ කාණ්ඩ සඳහා විශේෂ දීමනාවක් ගෙවීමටත්, 2024 ජූලි මාසයේ සිට 2024 දෙසැම්බර් මස දක්වා පමණක් එම කාණ්ඩ දෙක සඳහා මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවීමටත් තීරණය කර ඇත.

එසේම අන්ත දිළිඳු හා දිළිඳු කාණ්ඩ සඳහා පවත්නා ගෙවීම් ක්‍රමය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. 

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාද එක්ස් සටහනක් තබා තිබුණා.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් රු. 2024 ජූනි සඳහා විශේෂ දීමනා ලෙස ප්‍රතිලාභීන් 622,495 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත රුපියල් බිලියන 11.6ක්. මෙම ආධාරය අස්වැසුම ගෙවීම් වැඩසටහන යටතේ සපයනු ලබන අතර පිළිවෙළින් 2023 දෙසැම්බර් සහ 2024 මාර්තු මාසයේ සිට ප්‍රතිලාභ අත්හිටවූ සංක්‍රාන්ති සහ අවදානම් කාණ්ඩවල සිටින අයට සහය වීම අරමුණු කරයි. මීට අමතරව, දිළිඳු සහ දැඩි ලෙස දිළිඳු කාණ්ඩවලට අයත් පවුල් 990,773 ක් සඳහා ජුනි මාසය සඳහා රුපියල් බිලියන 7.8 ක තවත් මුදලක් ලබා දී ඇත. මෙම පියවර මගින් ජනගහනයේ විවිධ අවදානමට ලක්විය හැකි කොටස් සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර සැපයීමට රජය දක්වන කැපවීම ඉස්මතු කරයි, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහය ඔවුන්ට ලැබෙන බව සහතික කරයි.