අමෙරිකාවේ මංගල උත්සවයකින් පසු මනාලිය මරුට

By Sithumi May 02, 2023 01:20 PM GMT
Report

විවාහ මංගල උත්සවයක් අවසන් වී විනාඩි කිහිපයකින් අනතුරුව සිදු වූ අනතුරකින් මනාලිය මියයාමේ පුවතක් අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මනාලිය සහ මනාලයා විවාහ උත්සවය අවසන් වී ගමන් කරමින් සිටි රථය අනතුරට ලක්වීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. එම රථයේ රියදුරා බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇති අතර මනාලයා ඇතුළු තවත් දෙදෙනෙකු ද අනතුරින් බරපතල තුවාල ලබා තිබෙනවා.

25 හැවිරිදි වියේ පසුවන රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට එරෙහිව බරපතල ශාරීරික තුවාල සහ මරණයක් සිදු කළ බවට වන චෝදනාවන් කිහිපයක් යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි.