ප්‍රසිද්ධ නිළියක් සියදිවි නසාගත් අවාසනාවන්ත සිද්දිය..
ප්‍රසිද්ධ ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සියදිවි නසාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය ඊයේ (24) දියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ රූගතකිරීමකට සහභාගි වී සිටින අතරතුර මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි.
ඇය රූපගත කිරීම් අතරතුර නාන කාමරයට යාමට අවශ්‍ය බව පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර දිගු වෙලාවක් යන තුරුත් නැවත නොපැමිණීම හේතුවෙන් සෙසු පිරිස එම ස්ථානය පරීක්ෂා කර තිබෙනවා. එහිදී ඇයගේ වේශ නිරූපන කාමරය දොරගුළු ලා තිබී ඇති අතර දොර අගුළු කඩා පිරිස එයට ඇතුළු වී තිබෙනවා.
එහිදී වේශ නිරූපන කාමරයේ ඇති නාන කාමරය තුළ ඇය ගෙල වැලලාගෙන සිටි බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර මෙලෙස මිය ගොස් ඇත්තේ 20 හැවිරිදි සුරූපි ඉන්දීය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්.
ඇය ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී නාලික කිහිපයකම විකාශය වූ ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වී ඇති අතර බොලිවුඩ් සිනමාපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති බව සඳහන් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |