රක්ශිතයක් තුළ ප්‍රභල පක්ශෙක අපේක්ෂකයෙකු කරපු වැඩක් අහුවෙයි..

By Sithumi Jun 28, 2023 05:11 PM GMT
Report

බලන්ගොඩ පඹහින්න රත්නගොල්ල රක්ෂිතයේ නිදන් හෑරීමක් සම්බන්දයෙන් ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත සමනලවැව ප්‍රධාන පොලිසිය විසින් සිදු කළ වෑටලීමදි පුද්ගලයින් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු බලංගොඩ බෝවත්ත කොට්ටාසයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් බවයි පොලීසිය සදහන් කළේ.

නිදන් හෑරීම සදහා භාවිතා කරන ලද නවීන උපකරණ,ජෙනරේටර් ඇතුළු උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගැනුණු අතර ඔවුන් විසින් තනන ලද කූඩාරම්ද එම අවස්තාවේම කඩා ඉවත් කෙරුණා.