සැක කාර කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගත් හේතුව...

By Sithumi Jun 25, 2023 05:05 PM GMT
Report

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග සැකකාරියක් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.   මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති අතර සැකකාරිය සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 37ක් සොයා ගෙන තිබෙනවා.  

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි කුරණ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර  ජූලි මස 04 වනදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමෙන් අනතුරුව සැකකාරිය පොලිස් ඇප මත මුදාහැරි තිබෙනවා.