දරුඵල නැතුව කරපු ශාන්තිකර්මයක් නිසා ජීවිතයම අහිමිවූ සිදුවීම

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime
By Sithumi Jun 18, 2023 02:24 PM GMT
Report

ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් අධික ලෙස රෝගී වී රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මියගොස් ඇත්තේ මැණික් පතල් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් වන අතර ශාන්තිකර්මය සිදුකළ පුද්ගලයා එම කාන්තාවට රාත්‍රී කාලය තුළදී පමණක් තැඹිලි ගෙඩි 21ක් පොවා, ඉන් රෝගී වූ පසු කහ දියර ද පොවා ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.

ලග්ගල පොලිස් වසමේ දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඉකුත් 16 වනදා ශාන්තිකර්මයක් පවත්වා තිබුණා. ඒ 16 වැනිදා සවස සිට 17 වැනිදා අලුයම දක්වාය.

මැණික් පතල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ඔහු ශාන්තිකර්මය සංවිධාන කර තිබුණේ යම් රෝගී තත්ත්වයකින් පෙළුණු සිය බිරිඳ වෙනුවෙන් සහ දරුඵල බලාපොරොත්තුවෙන් සිටි යුවළක් වෙනුවෙන්. 

 ශාන්තිකර්මය සිදුකර ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙක් වන අතර ඔහු එම ව්‍යාපාරිකයාගේ පතලක සේවකයෙක් වන අතර රැය පුරා සිදුකළ ශාන්තිකර්මයෙන් පසු එම තරුණයා අදාළ කාන්තාවට සහ අනෙක් යුවළට, එක් අයෙකුට තැඹිලි ගෙඩි 21 බැගින් මතුරන ලද තැඹිලි ගෙඩි 63 ක් පැය කිහිපයක් පුරා පානය කිරීමට ලබා දී තිබෙනවා.

 එහිදී ව්‍යාපාරිකයගේ බිරිඳ රෝගී වී ඇති අතර පසුව ඇයට කහ දියර ද බීමට දී ඇති බව වාර්තා වන අතර කහ දියර පෙවීමත් සමඟ රෝගී තත්ත්වය උත්සන්න වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

 වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යැවුණු කාන්තාව එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයනවා මියගිය කාන්තාවගේ වයස අවුරුදු 48ක් මේ පිළිබඳ අදහස් දැක්වු ශාන්තිකර්මය සිදුකළ නිවසේ රැඳී සිටි කාන්තාවක් පළ කළ අදහස් පහතින් "හයට විතර තුන්දෙනාටම පෙව්වා තැඹිලි 21 ගා

නේ. අර දෙන්නා 10.30ට විතර ගෙදර ගියා. මෙයාට තැඹිලි බීලා චුට්ටක් වෙලා යනකොට ආවා නිකං කලන්තයක් වගේ. හාන්සි කළාට පස්සේ නිකං සෙම වගේ ආවා. ඊට පස්සේ කිව්වා රෝහලට අරං යමු කියලා. ඒවට මොනවා දාලා තිබුණා ද කියලා අපි දන්නේ නෑ.

" ශාන්තිකර්මය සිදුකළ 25 හැවිරිදි තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල දිස්ත්‍රික් රෝහලේදී  අද (18) සිදුකෙරුණි.