රැදවුම් මද්‍යස්ථානයකින් තරුණියන් පැන යයි..

Sri Lanka IMF Sri Lanka Child Abuse
By Sithumi Jun 11, 2023 02:27 PM GMT
Report

මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි දැරියන් තිදෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පළාගොස් තිබෙන අතර පෙරේදා රාත්‍රියේ එම දැරියන් රැඳවුම් මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බව මඩාටුගම පොලීසිය සඳහන් කළා. 

 අධිකරණ නියෝග මත මඩාටුගම රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳී සිටි එම දැරියන් තිදෙනා තාප්පයෙන් පැන පළාගොස් ඇති බව සඳහන් වන ඔවුන් ගලෙන්බිඳුනුවැව, තලාව සහ නොච්චියාගම ප්‍රදේශවල පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළා. 

 එම දැරියන් පළායාම සම්බන්ධයෙන් ඔවුන්ගේ නිවෙස්වලට ද දැනුම් දී ඇති අතර ඔවුන් සොයාගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.