කෘතිම බුද්ධියට ලාංකිකයන් දෙදෙනක් කරපු සුපිරි වැඩක්.

Youtube Sri Lanka
By Wayomi Sep 23, 2023 05:44 PM GMT
Report

යූටියුබ් සමාජ මාධ්‍ය විසින් හඳුන්වා දෙන කෘතිම බුද්ධියෙන් බලගැන්වුනු හඬ කැවීමේ මෙවලමේ සම නිර්මාණ කරුවන් වීමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු සමත් වී තිබෙනවා.

ඒ, බුද්ධික කොට්ටහච්චි සහ සසක්ති අබේසිංහයි.

මෙම මෙවලම යූටියුබ් සමාගම විසින් අලවුඩ් ලෙස නම් කර තිබෙනවා.

මේ වන විට ලෝකයේ සියයට 80කට ඉංග්‍රීසි භාෂාව තේරුම් ගැනීමට අපහසු බවත්, ඒ හේතුවෙන් යූටියුබ් සමාජ මාධ්‍ය තුළ තිබෙන අන්තර්ගතයන්වල ප්‍රයෝජනය ලබා ගැනීමට ලෝකයේ සිටින 80% ක ජනතාවට නොහැකි වී තිබෙන බවයි යූටියුබ් සමාගම අවධාරණය කරන්නේ.

ඒ, අනුව එම ගැටලුවට විසඳුමක් ලෙස අලවුඩ් කෘතිම බුද්ධිය හඳුන්වාදෙන බව එම සමාගම සදහන් කරනවා.

එමඟින් පරිශීලකයන්ට ඔවුන් කැමති භාෂාවකින් වීඩියෝවක් නැරඹීමට හැකියාව ලැබෙන බවයි එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.