විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් එකවරම විශේෂ නිවේදනයක් නිකුත් කරයි..
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හයිටි රාජ්‍යයේ පවතින තත්ත්වය මේ වන විට සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.
ඒ අනුව හයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් සේවය කරන සමාගම් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වී සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අවිගත් කල්ලි හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් අගනුවර වීථිවල සැරිසරමින් ප්රචණ්ඩව හැසිරෙමින් සිටින බව ය.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
ඔවුන් නොසන්සුන්තාව පවතින ප්‍රදේශවලට ඈතින් වාසය කරන බවත් අදාළ සමාගම් තහවුරු කර ඇති බව සඳහන් ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ හයිටි රාජ්‍යය වෙත ප්‍රතීතනය කර ඇති කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් සමඟ නිරන්තරයෙන් සම්බන්ධව සිටින බවයි.