තෙල් මිරිස් නැතිව මස්, මාළු උයන පාරම්පරික රහස.

Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 03, 2022 08:04 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

තුනපහ කියන්නේ ලංකවේ අපිට අවේණික වූ කුළුබඩු මිශ්‍රණයක්. හැබැයි දැන් නම් ඒවාට අලුත් වර්ගයේ කුළු බඩු එහෙමත් එකතු වෙනවා. ගොඩක් වෙලාවට අපි මස්, මාළු කද්දී සිරුරට එකතු වෙන්නේ තෙල් මිරිස් හා කෘතිම රස කාරක. හැබැයි කියන්න යන්නේ ඉස්සර කාලේ ඉඳන්ම අපේ ආච්චිලා සීයලා ආහාර රස ගන්වන්න හදාගත්ත තුන පහ මාත්තුව ගැන. මස්, මාළු උයද්දී මේ තුන පහ මාත්තුව තියෙනවා නම් පොල්කිරි එහෙම නැතුවට කමක් නැහැ.

මස්, මාළු ඕනම දේකට මෙය වතුර විතරක් දාලා මිශ්‍ර කරන්න. ඊට පස්සේ හින්දලා උයන්න. මිරිසට, ඇඹුලට ඕනෑම විදිහකින් උයන්න පුළුවන්. මේක ගුණ ගැන සුළුවට තකන්න එපා. බඩේ ආම්ලිකතාවය, හෘද රෝග, පිළිකා, කොලෙස්ට්‍රෝල් ඇතුළු ගොඩක් රෝග වලට ගුණදායක වන අතර එම පාලනයට හොඳම බෙහෙතක්.

අවශ්‍ය ද්‍රව්‍ය

🍗 ගොරකා කැබැලි තුනක්/ හතරක්

🍗 සුදු ළූණු බික් හතරක්

🍗 එනසාල් ඇට දෙකක්

🍗 කරාබු නැටි තුනක්

🍗 මිරිස් කුඩු මේස හැන්දක්

🍗 ගම්බිරිස් ඇට මේස හැඳි දෙකක්

🍗 ලුණු මේස හැන්දක්

🍗 කුරුඳු පොතු පොඩි කෑලි දෙක තුනක්

🍗 කරපිංචා මිටක්

🍗 වියළා ගත් මුරුංගා කොළ මේස හැන්දක්/ මුරුංගා පොතුත් හොඳයි. ( කතුරු මුරුංගා නොවෙයි)

🍗 සාමාන්‍ය අමු තුනපහ මේස හැන්දක් 

සාදාගන්න ආකාරය

🍗 මුලින්ම ගොරකා කැබලි සියුම්ව කපා ගන්න.

🍗 පසුව ගොරකා කැබලි සමඟ ලුණු දමා හොඳින් අඹරා ගන්න.

🍗 ඉන්පසු විටෙන් විට පිළිවෙලට සුදුළූණු, කරපිංචා,කුරුඳු, එනසාල්, කරාබු නැටි, මිරිස් කුඩු, තුන පහ කුඩු, මුරුන්ගා කොළ, වතුර ටික ටික ඉසිමින් අඹරා ගන්න.

🍗 අවසානයේ මිශ්‍රණය ගුලියක් ආකාරයට හදාගෙන. අවශ්‍ය වෙලාවට ගන්න. ගොඩ දවසක් තියාගන්න බැහැ දවස් දෙකක් විතර තියගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දැම්මොත්. 


උපුටා ගැනීමකි ( Facebook )


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW