පාසල් සිසුන්ට දුක හිතෙන ආරංචියක්. - රජයෙන් දුන් මුදල් දීමනා සහ රක්ෂණය ගැන දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.
සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුළු ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.
එවැනි බෙදාදීම්වලට කොමිසමේ විරෝධයක් නැතත් ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක එවැනි බෙදාහැරීම් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධා එල්ල විය හැකි හෙයින් ඒවා ඡන්දය අවසන් වනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ.
මේ අතර විවිධ පාර්ශ්වවලට විවිධ දීම නා ගෙවීමද මේ අවස්ථාවේදී කළ නොහැකි බව කොමිෂන් සභාව සඳහන් කළ අතර කොමිසම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සභාපතිවරයා කියා සිටියා.
ඒ, අනුව පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ඔප්පු ගෙවීම ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට පෙරේදා 3 ලිපියක් යවා ඇති බවයි වාර්තා වන්නේ.
ජයග්‍රහණයෙන් පසු සනත්ව පෙරටු කර ගෙන ටීම් එකම පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වන්න ගිහින්. - (VIDEO /PHOTOS)
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%