විපක්ෂයට ගිය 06න් තිදෙනෙකු හැරිලා..

Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Nov 15, 2022 04:27 AM GMT
Report

සමගි ජන බලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (14) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී එම සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කර තිබුණේ ය.

නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පැවසුවේ තමන් කිසිදු විටක සමගි ජනබලවේගය සමග සම්බන්ධ වීමට තීරණය කර නොමැති බවත් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ තමා සමගි ජනබලවේගය සමග එක්වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් දක්වා ඇත්තේ තමා විදේශගතව සිටින බවත් සමගි ජන බලවේගය සමග සම්බන්ධ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join