සංචාරක හොටෙල් සදහා ගෑස් ලබා දීම‌ට සැලසුම්...

Gas Gagana news Tourist hotels
By Subodha 3 years ago
Report

බලශක්ති අර්බුදය හමුවේ සංචාරක ක්ෂේත්‍රය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා හෝටල් සඳහා ගෑස් සිලින්ඩර් කඩිනමින් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇති අතර ඊට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ආරක්ෂක අංශ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් රැසක් එක්ව සිටියා.

එහිදී තීරණය වී ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සඳහා ගෑස් සමාගම් නියෝජිතයින් හරහා ප්‍රමුඛතාව ලබාදෙමින් ගෑස් සිලින්ඩර් ලබාදීමටයි. එමෙන්ම, සංචාරක බස් රථ සඳහා ආසන්නයේම පිහිටි ශ්‍රී ලංගම ඩිපෝ මගින් අවශ්‍ය ඉන්ධන ලබාදීමටත් එහිදී සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන අනෙකුත් වාහන සඳහා විශේෂ කාඩ්පත් හදුන්වා දෙමින් ඉන්ධන ලබාදීමටත් එහිදී තීරණය කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.