පොලිසිය සිදුකල දේ ගැන ඔබ දැනුවත්ද..? සචාරක ඔබ ආරක්ෂාවත් වැඩි කෙරේ...

Police Tourists Gagana news Senior DIG Ajith Rohana
By Subodha Mar 14, 2022 04:36 AM GMT
Report

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති විශේෂ සංචාරක පොලිස් ස්ථාන සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ, මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගැනීම් හා ඔවුන් විවිධ රැවටීම්වලට ලක් කිරීම් සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

මේ වන විටත් විශේෂ සංචාරක පොලිස් ස්ථාන 15ක් රට පුරා ස්ථාපිත කර තිබෙනවා.

සංචාරකයින් බහුලව ගැවසෙන ස්ථාන ආශ්‍රිත ව මෙම නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට නියමිතයි.

දකුණු පළාතේ මිරිස්ස, නාරිගම, නුවරඑළිය, පින්නවල සහ ඇල්ල ආදී ප්‍රදේශවල මෙම විශේෂ සංචාරක පොලිස් ස්ථාන පිහිටුවා ඇති අතර, ඉදිරියේ දී ඒවා කොට්ඨාසබඳ පොලිස් සංචාරක කාර්යාංශ ලෙස නම් කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now