තාක්ෂණය සමග රජයේ කාර්යාලවල වෙනස්කම් සිදුකිරිමට කැබිනට් අනුමැතිය...
තාක්ෂණය පදනම් වූ සමාජයක් ඇති කිරීම රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණක් වනවා.
ඒ යටතේ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රජයක් පිහිටුවීම සහ ඩිජිටල් වශයෙන් බලගැන් වූ ආර්ථිකයක් පිහිටුවීම,රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ උපායමාර්ග වශයෙන් හඳුනාගනු ලැබ තිබෙනවා.
ඒ අනුව රජයේ කාර්යාලයන්හි භාවිතය සඳහා වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ධාරිතාව අඩු - වැඩි කළ හැකි ආරක්ෂිත සන්නිවේදන වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
ඒ යටතේ මධ්‍යගතව පාලනය වන සහ විශේෂයෙන් රජයේ භාවිතය සඳහා වඩාත් පුළුල් වූ විද්‍යුත් තැපෑලක සහ සහයෝගීතා විසඳුමක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එම වැඩපිළිවෙළ යටතේ රජයේ ආයතන සඳහා විද්‍යුත් තැපැල් සහ සහයෝගීතා විසඳුම් පරීශීලක ගිණුම් 30,000ක් කඩිනමින් ආරම්භ කිරීමටත්, අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිසත් තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද (29) දිනයේ දී හිමිවුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |