ශ්‍රී ලංකා රුපියලට සිදුවු දේ... ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලද ...?

British Sri Lankan Rupees Gagana news
By Subodha Apr 07, 2022 06:57 AM GMT
Report

ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස අව ප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇතැයි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.

රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now