පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..ජනාධිපති අස් වෙයි ද..පාර්ලිමේන්තුවේ 225ම එපා කියලා කියන්න ආණ්ඩුව උත්සාහයක් ගත්ත හැටි..(VIDEO)
Parliament
Gagana news
By Subodha
අද(06) දින රැස් වූ පාර්ලිමේන්තු සභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
මෙලෙස සභාව කල් තැබුණේ විනාඩි 10ක කාලයකට සහ පසුව නැවතත් විනාඩි 5ක කාලයකටයි.
මුල් අවස්තාවේදී සභාව කල්තබන විට කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අදහස් දැක්වීමත් සමඟ උණුසුම් තත්වයක් හට ගත්තා.
කෙසේවෙතත් අද දින උණුසුම් වූ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු රැගෙන තම විරෝධතාවයේ නිරත වන ආකාරය දැකගන්නට හැකි වූයේ මෙලෙසයි.
එම දර්ශන පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |