ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙයි ද..?නැත්තම් සිය ධූරකාලය තුළම සිටියි ද..? ආණ්ඩුවේ ප්‍රබලයෙක්ගෙන් විශේෂ ප්‍රකාශයක්...
Parliament
Gagana news
Minister of Highways Johnston Fernando
By Subodha
කිසිසේත්ම ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවන බවත් ඕනෑම දේකට මුහුණ දෙන බවත් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය.
මිලියන 6.9 ක ජනතාවක් තමාට ලබා දුන් ජනවරම අනුව ජනාධිපතිවරයා තේරී පත් වූ බව ජොන්ස්ටන් පැවසීය.
වගකිවයුතු රජයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවක ඉල්ලා අස් නොවන බවත් අමාත්‍යතුමා පැවසීය.
ඔහු මේ බව පැසූවේ ආණ්ඩුවටත්, ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත් ඉල්ලා අස්වන ලෙස බලකරමින් මේ වනවිට රට තුළ පැන නැග ඇති ජනතා විරෝධය සම්බන්ධයෙන් අදහස් දක්වමිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |