පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ...
Parliament
Gagana news
By Subodha
පෙරවරු 10ට රැස්වූ පාර්ලිමේන්තුව අද පස්වරු 2.15ට පමණ කල් තැබීමට පියවර ගැණුනා.
ඒ අනුව හෙට පෙරවරු 10ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සංවාදයට බඳුන් වූ අතර මේ වනවිට පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ආරම්භ වී තිබෙනවා.
කාරක සභා කාමර අංක 2 දී කතානායක, මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම ආරම්භ වූ අතර, බැසිල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර කුමාර දිසානායක, රිෂාඩ් බදියුදීන්, මහින්ද අමරවීර, සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් එක්ව ඇති බව සඳහන්.
උද්ගතව ඇති වාතාවරණය හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති
.