මැති ඇමතිවරු කිහිපයක් හොර පාරෙන්ම පාර්ලිමේන්තුවට...
protests
Parliament
Gagana news
By Subodha
පාර්ලිමේන්තුවට පිටුපස පිහිටි මාදිවෙල මාර්ගය ඔස්සේ සියළුම මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සැසි වාරය සදහා සහභාගිවීමට පැමිණෙනු දක්නට ලැබුණා.
ඒ, පාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන්.
එම විරෝධතාවය පාර්ලිමේන්තුවට පිවිසෙන දියත උයන වටරවුම ආසන්නයේ පැවතෙමින් පවති.
එය සමාජවාදී තරුණ සංගමය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කර තිබුණා.
පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව දැඩි කර ඇති අතර අමතර පොලිස් බල ඇණි යොදවා තිබෙනවා.
පාර්ලිමේන්තුවට පිටුපස මාර්ගයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා.