මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ දි ස්වාධීන වෙයි...පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ඒ අතර...
පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිප සහ රජයට සම්බන්ධ පක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
ඊයේ, පෙරේ දා හා අදත් (05) අමාත්‍යවරු හා වෙනත් ක්ෂේත්‍රයන්ගේ ඉහල නිලධාරින් කිහිප දෙනෙකු ම තව ධුරවලින් ඉවත් වුණා.
අද දිනයේ දී ජීවන් තොණ්ඩමන් හා සෙන්දිල් තොණ්ඩමන්ට අයත් පක්ෂ ද පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට යි තීරණය කර තිබුණේ. එසේ ම, තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ස්වාධීන ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
තවත් මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ස්වාධීනව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු ස්වාධීන ව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.
එම මන්ත්‍රීවරුන් දස දෙනා ලෙස
අනුර ප්‍රියදර්ශන යාපා
ජෝන් සෙනෙවිරත්න
සුසිල් ප්‍රේමජයන්ත
චන්දිම වීරක්කොඩි
නලින් ප්‍රනාන්දු
නිමල් ලාන්සා
ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
පියංකර ජයරත්න
රොෂාන් රණසිංහ
ජයරත්න හේරත් වේ.