"මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ ." යනුවෙන් සටහනක් තබමින් මැ.කෝ සමාජ මාධ්‍ය කලබයි...(PHOTO)

Face book Gagana news Former Chairman of the Election Commission Mahinda Deshapriya
By Subodha Apr 08, 2022 04:15 AM GMT
Report

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ .

එහි සඳහන් වන්නේ අප්‍රේල් මාසය අතීතයේ ලේ හා කඳුළු ගලා ගිය මාසයක් බවත් මේ අප්‍රේල් මාසයද එසේ කිරීමට උත්සහ කරන සහ ප්‍රතිඅභියෝග කරන උද්දච්ඡ ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කළ හැක්කේ අවිහිංසාවේ සහ ප්‍රේමයෙන් බවය.

අදාළ ප්‍රකාශය පහතින්.

උපුටා ගැ නීම

"මේ අප්‍රේල් මාසයයි .

අප්‍රේල් යනු කුප්‍රකට 83 කළු ජූලිය මෙන්ම 1971 හා 2019 දී ලේ හා කඳුළු ගලාගිය ගින්දරින් හා වෙඩි දුමාරයෙන් පිරුණු මාසයකි, වීදියේ අරගල කරුවනි , මේ අප්රේල් මාසයද ප්‍රචණ්ඩත්වය තුළින් එසේ කිරීමට උත්සාහ කරන හා ප්‍රති අභියෝග කරන එමෙන්ම උද්ධච්ච ලෙස කතා කරන සියල්ලන්ම පරාජය කර හැක්කේ අවිහිංසාවෙන් හා ප්‍රේමයෙනි .

අ⁣පේ සහෝදර ගාමිණී ඒකනායකගේ පෝස්ටුවක තිබූ වැකියක් පහත අලවමි "මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ ." උපුටා ගැනීම අවසන්

යනුවෙන් ඔහු සදහන් කර තිබුණි .

එම පෝස්ටුව පහතින්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now


Gallery