තවත් ප්‍රභලයෙක් ආණ්ඩුව හැර යයි...

Gagana news Minister of Mass Media and Information Dallas Alahapperuma
By Subodha Apr 05, 2022 04:12 AM GMT
Report

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කර, නිශ්චිත කාල සීමාවක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවමින් සඳහන් කරඇත.

රට දේශපාලන වශයෙන් මෙන් ම, ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ගත හැකි ප්‍රායෝගිකම විසඳුම එය යැයි ද ඇමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපිය ලිපියේ සඳහන් කර ඇත.

එවන් ක්‍රියාමාර්ගයකදී, වරප්‍රසාද හෝ තනතුරක් බාර නොගෙන, අවශ්‍ය සහාය රට වෙනුවෙන් මෙන්ම, පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත. අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙම්න් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now