මහජන ආරක්ෂාව තහවුරු කළ පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිඥ සංගමය හිටගනී...
ඊයේ (05) පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති මහජන විරෝධතාවයක් හරහා අංක තහඩු රහිත යතුරුපැදිවල නැගී ගමන් ගත් අවි ගත් තුවක්කුරුවන් නවත්වා මහජන ආරක්ෂාව තහවුරු කළ පොලිස් නිලධාරීන් පිළිබඳව විනය පියවර ගන්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න කර තිබෙන දැනුම්දීමට විරුද්ධව නීතිඥයින් එක හඬින් නැගී සිටිති.
අද (06) අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේදී මේ පිළිබඳව නීතිඥවරුන් කරුණු සලකා බැලීමට තීරණය කර තිබේ.
සාමාකාමී ලෙස විරෝධය දැක්වූ මහජනතාව අතරට යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු සම්පූර්ණ ආයුධ සන්නද්ධ මුහුණු ආවරණය කර ගත් කල්ලියක් යතුරුපැදිවලින් කඩා වැදී ප්‍රකෝපකාරී ක්‍රියාවලට සූදානම් විය.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් එම යතුරු පැදි නවත්වා විරෝධය පළකළ අතර පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කර මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකරනු ලැබීය.
එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඊයේ නියෝගයක් කරමින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දන්වා ඇත.
ඒ අනුව පොලිස්පතිවරයාද පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිල වශයෙන් තහවුරු කර තිබේ.
මේම තත්වය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද සමීපව කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර මහජන ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට ක්‍රියාකළ පොලිස් නිලධාරීන්ට කිසිදු ආකාරයකින් අගතියක් නොවීමට ක්‍රියාකරන බව මේ වන විටත් වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |