පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරයි...(PHOTO)
Police
protests
Gagana news
By Subodha
ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙලෙස ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවත් තවත් සමහරෙක් වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති අතර ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එම කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සදහන්.
මීට අමතරව ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමට හැකියාවක් තිබුණ ද කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙමින් උද්ඝෝෂණ සිදුකරන්නන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.
ඒ අනුව කලහකාරි සහ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවල නොයෙදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |