වැඩ වැරදුණු පොලිස් කොස්තාපල්...

Police Peliyagoda Gagana news
By Subodha Mar 22, 2022 05:16 AM GMT
Report

යකඩ බඩු එකරැස් කරන ස්ථානයක නීතිවිරෝධී සොරබඩු සන්තකයේ තබාගෙන සිටින බවට සඳහන් කරමින් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන පෑලියගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අල්ලස් කොමිසම විසින් ඊයේ (21) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පෑලියගොඩ ප්‍රදේශයේ යකඩ බඩු එක කරන ව්‍යාපාරයක හිමිකරුවකු විසිනි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මින් ඉහත දී ද වෙනත් පොලිසියක රාජකාරි සිදු කරන අවස්ථාවේ දී අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු නිදොස් කොට නිදහස් වී ඇතැයිද වාර්තා වේ.

සැකකරු අද 22 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයිද අල්ලස් කොමිසම පවසයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now