ඉන්ධන පිරවුම්හල් අසලට හමුදාව යොදවයි...

Gagana news Gas stations Sri lankan Army Military Spokesman Brigadier Nilantha Premaratne
By Subodha Mar 22, 2022 03:44 AM GMT
Report

දිවයින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන හිඟයත් සමග පිරවුම්හල්වල ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ.

දිවයින පුරා මේ වනවිට දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට ඉන්ධන පිරවුම්හල් හේතු වී තිබෙනවා.

දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබීම මීට හේතුවයි.

ඉන්ධන ලබා ගැනීමට පොරකන ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයන් හටගැනීම ද මේ දිනවල වාර්තා වනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් අතර බහින්බස් වීමෙන් ඇතිවන ආරවුල් හේතුවෙන් පුද්ගල ඝාතනයන් ද සිදුවන අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම වයස්ගත පුද්ගලයින් ද තෙල් පෝලිම්වල රැඳී සිටීමේ දී සිදු වූ පුද්ගල මරණ 03ක් ද වාර්තා වුණා.

මේ වනවිට ඉන්ධන පෝලිම් අසල සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 04ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now