ජනතාවට සුභ පණිවුඩයක්... නැවතත් ගෑස් බෙදීම හෙට සිට...

Litro gas Gagana news Chairman Thushara Jayasinghe
By Subodha Mar 17, 2022 11:10 AM GMT
Report

කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම අද (17) ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා  පැවසයි.

අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුව නෞකා දෙකෙන් ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙටි්‍රක්ටොන් 3500 ක ප්‍රමාණය ගොඩබෑම ආරම්භ කළ බවත් දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000 ක් සපයන බවත් සභාපතිවරයා කීය.

එම නිසා හෙට(18) සිට නැවතත් ගෑස් බෙදීම සිදු කරන බව මෙතුමා වැඩි දුරටත් සදහන් කරයි.

රට මුහුණ දී සිටින ඩොලර් හිඟය හේතුවෙන් ලිට්‍රෝ සමාගමේ ණයවර ලිපිය අලුත්ගැනීමට නොහැකිවීමෙන් නෞකා නිදහස්කරගැනීම ප්‍රමාද වූ බව කී සභාපතිවරයා සඳහන් කළේ මුදල් ගෙවීමෙන් පසුව ණය ගැටලුවක් මතු නොවූ බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now