මේ වස‌රේ දැනට ඩෙංගු රෝගීන් 7,947 දෙනෙකු හමුවෙයි... වැඩිම කොළඹින්...

Dengue Gagana news
By Subodha Mar 28, 2022 04:11 AM GMT
Report

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 7,947 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ගතවූ මාස 3 ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ජනවාරි මාසයේ වන අතර, එම සංඛ්‍යාව 5,397 ක්.
පෙබරවාරි මාසයේ රෝගීන් 1,826 දෙනෙකුත්, මාර්තු මාසයේ රෝගීන් 725 දෙනෙකුත් වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 1,433 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 903 දෙනෙකු වාර්තා වී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 803 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කුරුණෑගලින් 761 දෙනෙකු, පුත්තලමෙන් 538 දෙනෙකු, කළුතරින් 499 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 456 දෙනෙකු ලෙස වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න 
join now