ඔබත් මෙම බැංකු ණය ලබා ගත් අයෙක් නම් ඔබ මේ පිලිබදව දැනුවත්ද..?
ව්‍යාජ ලේඛන සකස් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් පුද්ගයින් 47 දෙනෙකු 2017 වර්ෂයේදී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් මිලියන 68ක ණය ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේ අවධානයට ලක් වි තිබෙනවා
මෙහිදී ණය කරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට නඩු පවරා ඇති බවත් විශේෂයෙන් මීට අදාළ කාර්ය මණ්ඩල සේවකයින් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ක්‍රියාත්ම කොට ඇති බවද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දුන්හ.
ඒ සම්බන්ධයෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ක්‍රියාත්මක වන බවත් පැමිණ සිටි නිලධාරීන පවසනවා.
තවද මීට සම්බන්ධ බාහිර පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් එක් අයෙක් මියගොස් ඇති බවත් පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.
විශේෂයෙන්ම නව සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත්වීමෙන් පසු මෙම ණය ලබාගැනීම සම්බන්ධව ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සිදු කොට ඇති බවත් මෙහිදී සඳහන් විය.
ඒ අනුව නියමාකාරව මෙම කටයුතු කරගෙන යන ලෙස කෝප් කමිටු සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ වලට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න |