ධනුෂ්කොඩි හිදී ශ්‍රී ලාංකික පවුලක් අත්අඩංගුවට..

Sri Lanka India
By Sewvandhi May 26, 2023 01:23 PM GMT
Report

 ඉන්දියාවේ ධනුෂ්කොඩි හිදී ශ්‍රී ලාංකික සරණාගත පවුලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව 46 හැවිරිදි පියා, 45 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 18 හැවිරිදි වියේ පසුවන ඔවුන්ගේ දියණිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊයේ රාත්‍රී කාලයේ දී යාපනය ප්‍රදේශයෙන් ඔවුන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇති ඔවුන් මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.

මෙම මාසය ආරම්භයේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් 10 දෙනෙකු පමණ ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now